හොඳ නොහොඳ දෙකමය
හොඳ නොහොඳ අයගෙන්මය
ගඳ සුවඳ දෙකමය
ගඳ සුවඳ එම දෙයින්වනුමය
තම නිවසට පැමිණි
සැම දෙනහටම කුළුණෙහි
කතාබස් කරමිනි
අසන් තොරතුරැ සුදුසු විදියෙනි
හිසකේ හැපීම ද
ඉන්න තැන කෙළ ගැසුම ද
නියපොතු විකීම ද
අසුභ ලකුණුය සිතන් හැම ද
කතාබස් කරමින
සිටින දෙදෙනෙකු අතරින
ගමන නොහොබී යන
වසනු යහපති එබව දැනගෙන
යමෙකු යන එන විට
සිනා නොමසෙන් කිසි විට
පැමිණිකළ
ගෙදරට
එබී නොබලනු සැගවී ගෙයි සිට
ගුරුන් දෙගුරුන්
වත්
වැඩිහිටි අන් කෙනෙකු වත්
කතාවක් කළහොත්
නැගිට උත්තර දීම යහපත්
මහලු වී
සිටියත්
රුවින් අඩුවී
සිටියත්
දුප්පත්ව
සිටියත්
දෙමව්පිය වැද පුදනු යහපත්
වරද ඇතිවූ විට
දඩුවම් දෙති පෙම් කොට
එගැන මවුපිය හට
තරහා නොවඩා යටත් වෙනු සිට
හැදෙන විදි
පෙන්වන
නුවණ වඩවන සතරිනි
සරණ දෙලොවට
වන
කළණ බස් දෙන කෙනෙකි ගුරුතැන
සැමට සෙත් වඩවන
සිරිත් මල් දම බලවන
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි වඩනු දෙලොවිනි
No comments:
Post a Comment