අභයගිරි දාගැබ
වළගම්බා (ක්‍රි.පූ.89-77) රජතුමා කළ මෙම චෛත්‍යය
විශාල වූයේ මහ පැරකුම්බා රජු සමයේදීය.ඒ රජු අතින් ප්‍රතිසංස්කරණය වූ විට උස අඩි
350 ක් පමණ වූයේ යැයි පැවසේ.දැනට මෙහි උස කැඩී ගිය කොත් කැරැල්ලේ මුදුනට අඩි 245
කි.දාගැබ පිහිටා ඇත්තේ සමචතුරස්‍ර මළුවකය.ඒ සලපතල මළුවෙහි පැත්තක දිග අඩි 587
කකි.මේ මළුවේ සමහර ගල් පූජාකර තිබෙන්නේ මහජනයාය.දායකයින්ගේ නම් ඒ ගල් වල කොටා තිබෙනු
දක්නට ලැබේ.ඉතිරි ගල් වලට තුන්වන සේන (ක්‍රි.ව.938-946) රජු කහවණු 40000 ක් වැයකර
ඇත.
තැනින් තැන නෙළුම් පෙති කැටයමින් හෙබි
හුණුගලින් නිම වූ ඔවෝලෝ බොරදමක් දාගැබෙහි පාදය වටා දුවයි.චෛත්‍යයට අයත් තුන්
පේසාවෙන් ඉහළම පේසාවෙහි ඇත් හිස් දක්නට ලැබේ.මේ ඇත් හිස් වූ කලී හත්ථි වේදයේ නෂ්ඨාවශේෂ විය හැකිය.චෛත්‍යෙයහි ගඩොල් වරි අතර
කිසියම් බාධාමයක් පිටතට නොසෙනෙන ලෙස තිබෙන අයුරින් පුරාණයේ ගඩොල් පෙදරේරැවන්ගේ
හැකියාව වටහාගත හැකිය.
දාගැබට උතුරැ පසින් තුනට කැටී ගිය විශාල ගල්
කණවක් වේ.පාදමය කොටස හතරුස් වූද උඩ කොටස අටපට්ටම් වූද මේ කණුවෙහි උස අඩි 18
කි.යූපය යනුවෙන් හදුන්වනු ලබන මේ ටැඹ පුරාණයේ චෛත්‍යෙයහි ගර්භය මත සවිකර තිබිණ.
ගරි වැටී තිබුණු පස් මෑතදි ඉවත් කිරීමෙදි
බොරදම් සහිත අසනයක් මත තැන්පත් කර ඇති විශාල සිරිපතුල් ගලක් උතුරු පැත්තෙන්
හමුවිය.බුදුරුව නෙලීමේදී චාරිත්‍රය උදාවන්නට පළමුව සංකේත වලට වන්දනා මානය කළ
හෙයින් බුද්ධ ප්‍රතිමා වලට පළමුව සිරිපතුල් ගල පූජාර්භ වස්තුවක් විය.සිරිපතුල් ගල
නෙලීමේත් විකාශනයක් වූ බව අනුරාධපුර ඇති සිරිපතුල් ගල් පිරික්සීමේදී පෙනී යයි.
මිරිසවැටි
දාගැබ
දුටුගැමුණු (ක්‍රි.පූ.161-137) රජු
අනුරාධපුරයෙහි තැණූ පළමුවන දාගැබ වූ මෙහි නිධාන කොට ඇත්තේ සධාතුක කුන්තායුධයයි.මහා
සංඝයාට නොපිළිගන්වා මිරිස්වැටියක් කෑමෙන් තමන් කළ වරදට දඩුවම් වශයෙන් මේ චෛත්‍යය
සාදන ලදැයි මහා වංශය පවසයි.
මේ චෛත්‍යයේ පාදමය විෂ්කම්භය අඩි 168
කි.මෙහි පෙනෙන ප්‍රතිසංස්කරණය වූකලී මෑතදි කරවන ලද්දකි.පුරාණයේදි ගර්භයෙහි සවිකර තිබුණු යූප කණු 2ක් අද සලපතල මළුවෙහි
දක්නට ඇත.3ට කැඩී ඇති එක කණුවක් අඩි 20ක් උසය.අනික අඩි 10ක් වේ.මෙතැනින් ගොඩනැගිලි රාශියක් පැවත් බැව්
නටඹුන් වලින් පෙනී යයි.ඒවා අතර රත්නප්‍රාසාදය වැනි විශාල ගල් ටැම් වලින් යුක්ත
ලොකු ගොඩනැගිල්ලක් වේ.කැටයමින් තොර සඳකඩපහණටත් අඩ නෙළුම්මල සහිත සඳකඩපහණටත් අතර
වූ සඳකඩපහනේ ප්‍රෙභේදයක් මෙහි ඇත.ඔප
මට්ටම් නොකළ මුරගල් ද වේ.
අනුරාධපුර දාගැබ් අතරින් හොඳින්ම ආරක්ෂා
වුණු වාහල්කඩ ඇත්තේ මෙහිය.බස්නාහිර වාහල්කඩෙහි සිතුවම් දක්නට ලැබේ.
No comments:
Post a Comment