අනුරාධපුර මාර්ග සිතියම
සඳකඩපහණ
අනුරාධපුර යුගයේ සඳකඩපහණ් පිරික්ෂා බලන විට
ඒවා විකාශනයට භාජනය වී ඇති බැව් පෙනීයයි.සඳකඩපහණ නෙළීමට හුණුගල් සහ කළුගල් මාධ්‍ය
කරගෙන ඇත.නමුත් හුණුගලින් නිම වී ඇත්තේ ස්වල්පයකි.මුල්ම අවස්ථාවට අයත් සඳකඩපහණ
කැටයම් රහිත නිර්මාණයක් විය.අනතුරුව ඒ ගලෙහි පිටුපසෙහි ඇතිවූ උස් කොටස කල් යාමේදි
නෙළුම් මලකට පත් විය.
අනතුරුව සතුන් පෙළ හා ලියවැල මතුවිය.දැනට
ලංකාවේ හමුවී ඇති උසස්ම සඳකඩපහණ ලෙස සැලකෙන්නේ අනුරාධපුර මහසෙන් මන්දිරය ඉදිරිපිට ඇති සඳකටපහණයි.
කුට්ටම්
පොකුණ
පොකුණු 2ක් යාබදව පිහිටි නිසා මේවා කුට්ටම් පොකුණ යනුවෙන් හැඳින්වේ.මේ
ව්‍යවහාරය වූ කලී මෑතකදී ඇති වූවකි.මෙහි පෞරාණික
නාමය හෝ කවරෙකු විසින් නිර්මාණය කරන ලද්දක්ද
තවම නිශ්චිතව සොයාගෙන නැත.
අනුරාධපුර යුගයේ පැරණි ශිල්පීන්ගේ තාක්ෂණික
දැනුම කැපී පෙනෙන ස්ථානයක් ලෙස කුට්ටම්
පොකුණ දැක්විය හැක.
උතුරු පොකුණ අඩි 91ක් ද දකුණු පොකුණ අඩි 132ක
ද දිගින් යුක්ත ය.දිගින් අඩු වැඩි වුවද පළලින් සමාන වු පොකුණු 2හි ගැඹුර අඩි 14-17
අතර වේ.මෙම පොකු ණු වල ආරක්ෂාව සදහා ඔපමට්ටම් කළ ගලෙන් නිමවුන ප්‍රාකාරයක් නිමවා
ඇත.
පෙම් යුවල
ඉසුරුමුණි විහාරයේ දක්නට ඇති මූර්ති අතරින් විශිෂ්ටතම
මූර්තිය ලෙස සලකනු ලබන්නේ පෙම් යුවලක් නිරූපණය කරන පෙතැලි රුවයි.
මේ මූර්තිය පිටින් ගෙනෙන ලදුව
මලුවෙහි රක්ෂිත බැම්මට සවිකර තිබූ අතර එය රන්මසු උයනෙන් ගෙනෙන ලද්දක් යැයි
විශ්වාස කරති.මෙය වර්ථමානයේ විහාර කෞතුකාගාරය
තුල ප්‍රදර්ශනයට තබා තිබේ.
ආසනයක් මත හිඳගෙන සිටින සිය පෙම්වතාගේ දනින්
නැමුණු වම් කකුල මත ප්‍රේමීය සැපසේ හොවී සිටින්නී ය.පති තම වමතින් පෙම්වතිය තමා
වෙත පමුණුවා ගන්නට තැත් කරයි.දැඩි පෙමින් වෙලීගිය මේ යුවල වූකලී සාලිය
අශෝකමාලා යැයි මහාචාර්ය පරණවිතාණ මහතාගේ
අදහසයි.
No comments:
Post a Comment