Monday, December 1, 2014

අනුරාධපුර යුගයේ නටඹුන්



අනුරාධපුර මාර්ග සිතියම




සඳකඩපහණ









ලංකාවේ දක්නට ඇති කලා නිර්මාණ අතරින් ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් හැටියට සැලකෙන මෙය දක්ෂතම ශිල්පියෙකු අතින් නිමවූවකි.මෙයින් පැරණි කලාකරැවන්ගේ කලා හැකියාව මනිව ඔප්පු කෙරේ.
අනුරාධපුර යුගයේ සඳකඩපහණ් පිරික්ෂා බලන විට ඒවා විකාශනයට භාජනය වී ඇති බැව් පෙනීයයි.සඳකඩපහණ නෙළීමට හුණුගල් සහ කළුගල් මාධ්‍ය කරගෙන ඇත.නමුත් හුණුගලින් නිම වී ඇත්තේ ස්වල්පයකි.මුල්ම අවස්ථාවට අයත් සඳකඩපහණ කැටයම් රහිත නිර්මාණයක් විය.අනතුරුව ඒ ගලෙහි පිටුපසෙහි ඇතිවූ උස් කොටස කල් යාමේදි නෙළුම් මලකට පත් විය.
අනතුරුව සතුන් පෙළ හා ලියවැල මතුවිය.දැනට ලංකාවේ හමුවී ඇති උසස්ම සඳකඩපහණ ලෙස සැලකෙන්නේ අනුරාධපුර  මහසෙන් මන්දිරය ඉදිරිපිට  ඇති සඳකටපහණයි.









කුට්ටම්  පොකුණ










පොකුණු 2ක්  යාබදව පිහිටි නිසා මේවා කුට්ටම් පොකුණ යනුවෙන් හැඳින්වේ.මේ ව්‍යවහාරය වූ කලී මෑතකදී ඇති වූවකි.මෙහි   ‍පෞරාණික නාමය හෝ කවරෙකු  විසින් නිර්මාණය කරන ලද්දක්ද තවම නිශ්චිතව සොයාගෙන නැත.
අනුරාධපුර යුගයේ පැරණි ශිල්පීන්ගේ තාක්ෂණික දැනුම  කැපී පෙනෙන ස්ථානයක් ලෙස කුට්ටම් පොකුණ දැක්විය හැක.
උතුරු පොකුණ අඩි 91ක් ද දකුණු පොකුණ අඩි 132ක ද දිගින් යුක්ත ය.දිගින් අඩු වැඩි වුවද පළලින් සමාන වු පොකුණු 2හි ගැඹුර අඩි 14-17 අතර වේ.මෙම පොකු ණු වල ආරක්ෂාව සදහා ඔපමට්ටම් කළ ගලෙන් නිමවුන ප්‍රාකාරයක් නිමවා ඇත.

පෙම් යුවල

 ඉසුරුමුණි විහාරයේ දක්නට ඇති මූර්ති අතරින් විශිෂ්ටතම මූර්තිය ලෙස සලකනු ලබන්නේ පෙම් යුවලක් නිරූපණය කරන පෙතැලි රුවයි.
මේ මූර්තිය පිටින්  ගෙනෙන ලදුව  මලුවෙහි රක්ෂිත බැම්මට සවිකර තිබූ අතර එය රන්මසු උයනෙන් ගෙනෙන ලද්දක් යැයි විශ්වාස කරති.මෙය වර්ථමානයේ විහාර කෞතුකාගාරය  තුල ප්‍රදර්ශනයට  තබා තිබේ.
ආසනයක් මත හිඳගෙන සිටින සිය පෙම්වතාගේ දනින් නැමුණු වම් කකුල මත ප්‍රේමීය සැපසේ හොවී සිටින්නී ය.පති තම වමතින් පෙම්වතිය තමා වෙත පමුණුවා ගන්නට තැත් කරයි.දැඩි පෙමින් වෙලීගිය මේ යුවල වූකලී සාලිය අශෝකමාලා  යැයි මහාචාර්ය පරණවිතාණ මහතාගේ අදහසයි.









අනුරාධපුර සිද්ධස්ථාන පිළිබඳව



                   අභයගිරි   දාගැබ
වළගම්බා (ක්‍රි.පූ.89-77) රජතුමා කළ මෙම චෛත්‍යය විශාල වූයේ මහ පැරකුම්බා රජු සමයේදීය.ඒ රජු අතින් ප්‍රතිසංස්කරණය වූ විට උස අඩි 350 ක් පමණ වූයේ යැයි පැවසේ.දැනට මෙහි උස කැඩී ගිය කොත් කැරැල්ලේ මුදුනට අඩි 245 කි.දාගැබ පිහිටා ඇත්තේ සමචතුරස්‍ර මළුවකය.ඒ සලපතල මළුවෙහි පැත්තක දිග අඩි 587 කකි.මේ මළුවේ සමහර ගල් පූජාකර තිබෙන්නේ මහජනයාය.දායකයින්ගේ නම් ඒ ගල් වල කොටා තිබෙනු දක්නට ලැබේ.ඉතිරි ගල් වලට තුන්වන සේන (ක්‍රි.ව.938-946) රජු කහවණු 40000 ක් වැයකර ඇත.




තැනින් තැන නෙළුම් පෙති කැටයමින් හෙබි හුණුගලින් නිම වූ ඔවෝලෝ බොරදමක් දාගැබෙහි පාදය වටා දුවයි.චෛත්‍යයට අයත් තුන් පේසාවෙන් ඉහළම පේසාවෙහි ඇත් හිස් දක්නට ලැබේ.මේ ඇත් හිස් වූ කලී හත්ථි වේදයේ   නෂ්ඨාවශේෂ විය හැකිය.චෛත්‍යෙයහි ගඩොල් වරි අතර කිසියම් බාධාමයක් පිටතට නොසෙනෙන ලෙස තිබෙන අයුරින් පුරාණයේ ගඩොල් පෙදරේරැවන්ගේ හැකියාව වටහාගත හැකිය.
දාගැබට උතුරැ පසින් තුනට කැටී ගිය විශාල ගල් කණවක් වේ.පාදමය කොටස හතරුස් වූද උඩ කොටස අටපට්ටම් වූද මේ කණුවෙහි උස අඩි 18 කි.යූපය යනුවෙන් හදුන්වනු ලබන මේ ටැඹ පුරාණයේ චෛත්‍යෙයහි ගර්භය මත සවිකර තිබිණ.
ගරි වැටී තිබුණු පස් මෑතදි ඉවත් කිරීමෙදි බොරදම් සහිත අසනයක් මත තැන්පත් කර ඇති විශාල සිරිපතුල් ගලක් උතුරු පැත්තෙන් හමුවිය.බුදුරුව නෙලීමේදී චාරිත්‍රය උදාවන්නට පළමුව සංකේත වලට වන්දනා මානය කළ හෙයින් බුද්ධ ප්‍රතිමා වලට පළමුව සිරිපතුල් ගල පූජාර්භ වස්තුවක් විය.සිරිපතුල් ගල නෙලීමේත් විකාශනයක් වූ බව අනුරාධපුර ඇති සිරිපතුල් ගල් පිරික්සීමේදී පෙනී යයි.



                    

මිරිසවැටි  දාගැබ
දුටුගැමුණු (ක්‍රි.පූ.161-137) රජු අනුරාධපුරයෙහි තැණූ පළමුවන දාගැබ වූ මෙහි නිධාන කොට ඇත්තේ සධාතුක කුන්තායුධයයි.මහා සංඝයාට නොපිළිගන්වා මිරිස්වැටියක් කෑමෙන් තමන් කළ වරදට දඩුවම් වශයෙන් මේ චෛත්‍යය සාදන ලදැයි මහා වංශය පවසයි.






මේ චෛත්‍යයේ පාදමය විෂ්කම්භය අඩි 168 කි.මෙහි පෙනෙන ප්‍රතිසංස්කරණය වූකලී මෑතදි කරවන ලද්දකි.පුරාණයේදි ගර්භයෙහි  සවිකර තිබුණු යූප කණු 2ක් අද සලපතල මළුවෙහි දක්නට ඇත.3ට කැඩී ඇති එක කණුවක් අඩි 20ක් උසය.අනික අඩි 10ක්  වේ.මෙතැනින් ගොඩනැගිලි රාශියක් පැවත් බැව් නටඹුන් වලින් පෙනී යයි.ඒවා අතර රත්නප්‍රාසාදය වැනි විශාල ගල් ටැම් වලින් යුක්ත ලොකු ගොඩනැගිල්ලක් වේ.කැටයමින් තොර සඳකඩපහණටත් අඩ නෙළුම්මල සහිත සඳකඩපහණටත් අතර වූ  සඳකඩපහනේ ප්‍රෙභේදයක් මෙහි ඇත.ඔප මට්ටම් නොකළ මුරගල් ද වේ.
අනුරාධපුර දාගැබ් අතරින් හොඳින්ම ආරක්ෂා වුණු වාහල්කඩ ඇත්තේ මෙහිය.බස්නාහිර වාහල්කඩෙහි සිතුවම් දක්නට ලැබේ.

Thursday, October 23, 2014

සිරිත් මල් දම




හොඳ නොහොඳ                            දෙකමය
හොඳ නොහොඳ                      අයගෙන්මය
ගඳ සුවඳ                                        දෙකමය
ගඳ සුවඳ එම                         දෙයින්වනුමය

තම නිවසට                                     පැමිණි
සැම දෙනහටම                          කුළුණෙහි
කතාබස්                                        කරමිනි
අසන් තොරතුරැ සුදුසු                   විදියෙනි

හිසකේ හැපීම                                       
ඉන්න තැන කෙළ ගැසුම                       
නියපොතු විකීම                                    
අසුභ ලකුණුය සිතන් හැම                     

කතාබස්                                       කරමින
සිටින දෙදෙනෙකු                         අතරින
ගමන නොහොබී                               යන
වසනු යහපති එබව                   දැනගෙන

යමෙකු යන එන                                විට
සිනා නොමසෙන් කිසි                       විට
පැමිණිකළ                                 ගෙදරට
එබී නොබලනු සැගවී ගෙයි               සිට

ගුරුන් දෙගුරුන්                                වත්
වැඩිහිටි අන් කෙනෙකු                      වත්
කතාවක්                                 කළහොත්
නැගිට උත්තර දීම                        යහපත්

මහලු වී                                        සිටියත්
රුවින් අඩුවී                                  සිටියත්
දුප්පත්ව                                       සිටියත්
දෙමව්පිය වැද පුදනු                      යහපත්

වරද ඇතිවූ                                         විට
දඩුවම් දෙති පෙම්                           කොට
එගැන මවුපිය                                    හට
තරහා නොවඩා යටත් වෙනු               සිට

හැදෙන විදි                               පෙන්වන
නුවණ වඩවන                             සතරිනි
සරණ දෙලොවට                              වන
කළණ බස් දෙන කෙනෙකි        ගුරුතැන

සැමට සෙත්                                 වඩවන
සිරිත් මල් දම                               බලවන
සිරිත් හොඳ                              දැනගෙන
මහත් යසසිරි වඩනු                 දෙලොවිනි